නිතර අසන පැන

  • ප්‍රතීතනය කළ පුහුණු වැඩසටහනක් හදුනාගන්නේ කෙසේද?
    තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) ආයතනයෙන් අදාල පුහුණු ආයතනයට නිකුත් කළ ප්‍රතීතන  සහතිකය  සහ එහි  වලංගු කාල සීමාව පරීක්ෂා කරන්න. TVEC ආයතනයෙන්  යම් පුහුණු පාඨමාලාවක් ස‍ඳහා ප්‍රතීතන සහතික නිකුත් කර ඇත්තේද එහි තත්වය TVEC ආයතනය  මගින් සහතික කර ඇත.
  • තත්වය සහතික කළ පුහුණු මධ්‍යස්ථානයක් හදුනාගන්නේ කෙසේද?
    එය TVEC ආයතනයේ ලියාපදිංචි වී ඇත්දැයි දැනගන්න. එසේ නම් ඒ බව එම පුහුණු මධ්‍යස්ථානය  තුළ ප්‍රදර්ශනය කළ යුතුය. නොඑසේ නම් එලෙස ලියාපදිංචි වී ඇති සහතිකයේ පිටපතක් ඔබ  ඉල්ලා සිටිය අවස්ථාවකදී ඔබට සැපයිය යුතුයි. ලියාපදිංචි කාලසීමාව ඉකුත්වී ඇති පුහුණු මධ්‍යස්ථානයකට පුහුණු පාඨමාලා පැවැත්විම නුසුදුසු බැවින්, පුහුණු මධ්‍යස්ථානයට  අදාළ ලියාපදිංචි සහතිකයේ වලංගු කාලසීමව ඉකුත්වී ඇත්දැයි බලන්න. ඔවුන්ගේ  ලියාපදිංචියේ ස්වභාවය නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නමි TVEC ආයතනයේ වෙබ් අඩවියwww.tvec.gov.lk වෙත පිවිසෙන්න.
  • මාගේ වෘත්තීය සැලසුම දැනටමත් තෝරාගෙන ඇත්නම්, ඊට සුදුසු පුහුණු පාඨමාලා හදුනාගන්නේ කෙසේද?
    TVEC ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති TVEC Guide හි ඔබට අදාළ සියළුම තොරතුරු සපයා ඇති අතර, මෙම ප්‍රකාශනය රාජ්‍ය අංශයේ  පුහුණු ආයතන මගින් සපයනු ලබන පුහුණු පාඨමාලා පිළිබඳ පූර්ණ මාර්ගෝපදේශනයකි.  පාඨමාලාවේ නම, පළාත, ආයතනය, පුහුණු ආයතනයේ ලිපිනය, දුරකථන අංක, පුහුණු කාල සීමාව,  පාඨමාලා ගාස්තුව, වයස් සීමාව, පුහුණු ක්‍රමය, ආරම්භක දිනය හා ඉන් ලබාගතහැකි රැකියා  අවස්ථා යනාදී විස්තර එහි ඇතුළත්ය. එසේම TVEC ආයතනයේ වෙබ් අඩවිය වනwww.tvec.gov.lk ට පිවිසීමෙන් TVET online guide හි විස්තර ලබා ගත හැකිය.
  • අනාගතයට සුදුසුම වෘත්තීය මග තෝරා ගන්නේ කෙසේද?
    ඔබ කැමති ක්ෂේත්‍රය තෝරා ගන්න. එය අවිනිශ්චිත නම්, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ආයතන වල ඇති මාර්ගෝපදේශන මධ්‍යස්ථානවල වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරී මහතාගේ සේවය ලබා ගන්න.

Comments

Popular posts from this blog